Thursday, May 2, 2024

General line - 0115112241

මුහුදු වෙරළේදී තරුණියකට එල්ලවූ පොලිස් ප්‍රහාරය (VIDEO)

තරංග රුක්ෂාන් ජයසේකර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අමෙරිකානු පොලිස් නිලධාරීන් පිරිසක් තරුණියකට බිම පෙරළා පහරදෙන ආකාරයේ වීඩියෝ්වක් හේතුවෙන් මේ වනවිට ලොවපුරා දැඩි කතාබහක් මතුව තිබෙනවා. මෙම පහරදීම සිදුව ඇත්තේ එරට නිව් ජර්සි ප‍්‍රාන්තයේ වෙරළ තීරයකදීයි. 

පහර කෑමට ලක්ව ඇත්තේ වයස අවුරුදු 20 ක තරුණියක්. ඇය අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ මෙම පහරදීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. නීතිවිරෝධීව වෙරළ තීරයේ මත්ද්‍රව්‍ය ළග තබාගත් බවටයි මෙම තරුණියට චෝදනා එල්ල වී තිබුණේ. ඇය අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් තිදෙනෙකු ගොස් තිබුණා.

ඒ අවස්ථාවේ මෙම තරුණියට පොලිස් නිලධාරින් දෙදෙනෙකු වෙරළ තීරයේ බිම පෙරළා පහරදී ඇතැයි විදෙස් මාධ්‍යයන්හි සදහන්. ඊට අදාළ වීඩියෝවක් අන්තර්ජාලයට එක්වීමත් සමගයි ඒ සම්බන්ධයෙන් දැඩි කතාබහක් මතු වුණේ. සිද්ධිය සම්බන්ධයෙන් නිව් ජර්සි පොලීසිය විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කළේ ඉන් අනතුරුවයි.