Thursday, May 9, 2024

General line - 0115112241

ඉන්දු ලංකා ගිවිසුමටත් එහා ගිය පාවාදීමක් ජනිපෙ හෙළි කරයි




මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට විකිණීම, ඉන්දු - ලංකා ගිවිසුමටත් වඩා භයානක පාවාදීමක් බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.

එහි නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

මත්තල ගුවන් තොටුපොළ සඳහා දැනට ලබාදී ඇති අක්කර 1600ට අමතරව තවත් අක්කර විසි හතරදහසක් අදාළ ඉන්දීයානු සමාගමට ලබාදීමට වත්මන් රජය එකග වී ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ඊට අමතරව තවත් අක්කර හතලිස් දහසක් මත්තල ගුවන් තොටුපොළ ආශී‍්‍රත භූමිභාගයක් ආරක්ෂිත කලාපයක් ලෙස එම සමාගමට වෙන්කරදීමට රජය එකතගාව පළ කර ඇති බවයි සඳහන් වන්නේ.

මුහුදු වෙරළ දක්වා ඇති කලාපයට අදාළ මැනුම් කටයුතු හෙවත් සිතියම් සකස් කිරීමේ කටයුතු ද යම් පෞද්ගලික සමාගමක් මගින් සිදු කරන බවටද තොරතුරු වාර්තා වී ඇති බවයි ජාතික නිදහස් පෙරමුණ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

අමෙරිකානු නාවික හමුදාවේ ගුවන් ඡායාරූප ආශි‍්‍රත තොරතුරු යොදා ගනිමින් අදාළ සමාගම මෙම මැනුම් කටයුතු සිදුකර තිබෙන බවත් සඳහන්.

රටේ ජාතික ආක්ෂාව අනතුරේ හෙළමින් සිදු කරන මෙම පාවාදීම ඉන්දු ලංකා ගිවිසුමට වඩා බරපතල පාවාදීමක් ලෙස ඉතිහාසය විසින් සටහන් තබනු ඇති බවයි විමල් විරවංශ මන්ති‍්‍රවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.