ජංගම දුරකථනයක් සහ රුපියල් 500 ක් ලබාදී රවටා 12 හැවිරිදි බාලවයස්කාර දරුවෙකු නීති්‍යානූකූල බාරකාරත්වයෙන් බැහැරට ගෙන ගොස් අපයෝජණය කිරීෙමි චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි විත්තිකරුවෙකු එකී චෝදනාවන්ට වරදකරු බවට නිගනමය කළ වයඔ පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු සුමුදු පේ‍්‍රමචන්ද්‍ර ඔහුට වසර 12ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් අද නියම කළා.
දරුවා මවගේ නිත්‍යානුකූල භාරකාරත්වයෙන් බැහැරට ගෙන යාමේ වරදට බරපතල වැඩ සහිත වසර දෙකක සිර දඬුවමක්ද අපයෝජණය කිරීමේ වරදට වසර දහයක බරපතල වැඩ සහිත සිර දඬුවමක්ද වශයෙන් මෙම 12 වසරක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කෙරිණ. ඊට අමතරව රුපියල් 5000 ක දඩයක් ගෙවන ලෙසටද විත්තකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරු සුමුදු පේ‍්‍රමචන්ද්‍ර පැමිණිලිකාර දරුවාට මුදලින් රුපියල් පනස් දහසක වන්දියක් ගෙවන ලෙසටද විත්තිකරුට තවදුටරත් නියෝග කළා. එම දඩ මුදල් සහ වන්දි මුදල් ගෙවීම පැහැර හරින්නේ නම් විත්තිකරු තවත් මාස අටක සිර දඬුවමකටද යටත් කෙරිණ. මෙසේ දඩුවම් නියම වූයේ පොල්ගහවෙල බංඩාරවත්ත අඔගොල්ල උඩපොල ලිපිනයේ ඩබ්ලිව්. ගුණතිලක නැමැති විවහාකයෙකුටය.
2008 වසරේ දෙසැම්බර් මස 12 වන දින සහ 31 වන දින අතර කාලය තුළ විත්තිකරු මෙම අපරාධය සිදු කර ඇති බවට නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව වයඹ පළාත් බද මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබෙනවා. මෙම නඩුවේ ලඝු නොවන මූලික විභාගය කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති අතර වැඩිදුර විභාගය සදහා වයඔ පළාත් බද මහාධිකරණයට යොමු කරනු ලැබීය.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ තාරක ධර්මසිරි පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් නීතිඥ අසංක කුමාරසිංහ පෙනී සිටියා. ජාතික ළමා රක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශණ ඒකකය මගින් මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශණ මෙහෙයවා සැකකරු අත් අඩංගුවට ගෙන තිබුණා.