ති‍්‍රරෝද රථ ප්‍රචලිත කිරීමට එම රථවලට වයිෆයි සහ මාර්ග සිතියම් ඇතුලූ නවීන පහසුකම් ලබා ගැනීම සඳහා පොළිය රහිත ණය මුදලක් ලබා දීමට පියවර ගන්නා බව අමාත්‍ය මංගල සමරවීර පවසනවා.
දැනට භාවිත වන ඉන්ධන ති‍්‍රරෝද රථ වෙනුවට ඉලෙක්ටි්රක් ති‍්‍රරෝද රථ වෙත මාරුවන රියැදුරන් වෙනුවෙන් විශේෂ සහන ලබාදීමට ද කටයුතු කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.
මෙරට පළමු සංචාරක හිතකාමී ති‍්‍රරෝද රථ සේවයේ සමාරම්භක උත්සවයට කොළඹදී එක්වෙමින් මංගල සමරවීර අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
මෙම වැඩපිළිවෙළ යටතේ ති‍්‍රරෝද රථ රියදුරන්ට විශේෂ නේවාසික පුහුණවක්ද ලබාදීමට නියමිතයි. මේ වන විට දිවයිනේ ති‍්‍රරෝද රථ මිලියන 1.3ක ප්‍රමාණයක් පවතිනවා. ඉන් ලක්ෂ 8ක් පමණ එදිනෙදා මහජන ප්‍රවාහන සේවයට යොදවා ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ. කොළඹ නගරය තුළ පමණක් ඇති ති‍්‍රරෝද රථ සංඛ්‍යාව හැටදහසක්.
මෙම සමාරම්භක උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම තුළින් රට තුළ නව රැකියා බිහි කිරීමට අවස්ථාව උදාවන බවයි.