Tuesday, May 7, 2024

General line - 0115112241

වෙනස්කම් තුනක් සමගින් ශ්‍රී ලංකා පිළ හෙට පිටියට

කසුන් කැළුම්




සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින කි‍්‍රකට් තරගය රංගිරි දඹුලූ කී‍්‍රඩාංගණයේදී හෙට (01) පැවැත්වෙනවා.

හෙට තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ වෙනස්කම් 3ක් සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ. ෂෙහාන් ජයසූරිය වෙනුවට තුන් ඉරියව් කී‍්‍රඩක දසුන් ශානක හෙට තරගයට කැදවනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

සුරංග ලක්මාල්ට සහ ලක්ෂාන් සදකැන්ට හෙට තරගයේදි සිය ස්ථාන අහිමි වනු ඇතැයිද වාර්තා වනවා. ඔවුන් දෙදෙනා වෙනුවට නවන කී‍්‍රඩකයින් දෙපළක් වන කසුන් රාජිත සහ ප‍්‍රභාත් ජයසූරිය හෙට තරගය සඳහා කැඳවනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. 

ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වන විට දකුණු අපි‍්‍රකාව හමුවේ අඛණ්ඩව එක්දින තරග 9ක් පරාජයට පත්ව තිබෙනවා. රංගිරි දඹුලු කි‍්‍රඩාංගණයේ දී ශී‍්‍ර ලංකාව අවසන් වරට සහභාගිවූ එක්දින තරග 6ම පරාජය වීම හේතුවෙන් හෙට තරගයද ශී‍්‍ර ලංකා කණ්ඩායමට අභියෝගයක් වී ඇති බවයි කි‍්‍රකට් විචාරකයින් පවසන්නේ.

තරග 5 කින් සමන්විත  මෙම එක්දින කි‍්‍රකට් තරගාවලියේ එකට බින්දුවක් ලෙස මේ වන විට පෙරමුණ ගෙන සිටින්නේ දකුණු අපි‍්‍රකානු කණ්ඩායමයි. දෙරට අතර දෙවන එක්දින තරගය දිවා රාති‍්‍ර තරගයක් ලෙස රංගිරි දඹුලූ කි‍්‍රඩාංගණයේදී හෙට පැවැත්වීමට නියමිතයි.