‘‘කුෂ්’’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරමේ නිිරක පුද්ගලයින් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, රාජගිරිය, කලපළුවාව, හෝර්ටන් ප්ලේස් සහ බත්තරමුල්ල පැලවත්ත යන ප‍්‍රදේශවලදීයි.
කොළඹ තරු පන්තියේ හෝටලයක ප‍්‍රධාන ගිණුම් නිලධාරියාගේ පුත‍්‍රයකු හා කොළඹ පුරහල ප‍්‍රදේශයේ ප‍්‍රධාන ව්‍යාපාරික ස්ථානයක හිමිකරුවෙකුගේ පුත‍්‍රයෙකුද අත්අඩංගුවටගත් සැකකරුවන් අතර වනවා. මොවුන් සන්තකයේ තිබී කුෂ් නමැති මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 10කට අධික ප‍්‍රමාණයක් සොයා ගැනුණා. මෙම ජාවාරමේ ප‍්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කි‍්‍රයාත්මකයි.