මුලතිව් කෝකිලායි ප‍්‍රදේශයේ අලූතින් සිංහල ජනාවාස ඉදිකිරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය විරෝධය පළ කර තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට දෙමළ ජාතික සන්ධානය විශේෂ කමිටුවක්ද පත් කර ඇති බවයි.
ඒ අනුව කෝකිලායි ප‍්‍රදේශයේ දැනට පදිංචිව සිටින හා ඡන්ද හිමි නාමලේඛනයේ නම සඳහන් පුද්ගලයින් හැර වෙනත් පිරිස් පදිංචි කරවීම සඳහා අවසර ලබා නොදිය යුතු බවයි එම කමිටුව උතුරු පළාත් සභාවට යෝජනා කර ඇත්තේ.
අලූතින් පිහිටුවන සිංහල ජනාවාස සඳහා දකුණේ ධීවර පවුල් වලට අයත් පිරිස් රැගෙන ඒමට නියමිතව ඇති බැවින් ඉන් මුලතිව්හි ධීවර කර්මාන්තයට බාධා එල්ල වන බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කර තිබෙනවා.