Monday, April 29, 2024

General line - 0115112241

උතුරු කොරියාව හොර රහසේ නව මිසයිලයක වැඩ අරඹයි

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඇමෙරිකාව සමග න්‍යෂ්ටික අවි නිපදවීම අත්හරින බවට ගිවිසුම් අත්සන් කළ උතුරු කොරියාව රහසිගතව නව බැලිස්ටික් මිසයිලයක් සාදමින් සිටින බවට විදෙස් මාධ්‍ය සදහන් කර සිටිනවා.

ඔත්තු බලන චන්ද්‍රිකා ඔස්සේ ලබා ගත් දත්ත වලට අනුව උතුරු කොරියාව රහසිගතව ද්‍රව ඉන්ධන සහිත නව බැලිස්ටික් මිසයිලයක් හෝ දෙකක් නිෂ්පාදනය කරමින් සිටින බවට තොරතුරු හෙළිවී ඇති බවට නම් සදහන් නොකරන ලද අමෙරිකානු රාජතාන්ත්‍රික නිලධාරියෙකු උපුටා දක්වමින් වොෂින්ටන් පොස්ට් පුවත්පත වාර්තා කර තිබෙනවා.

රොයිටර් පුවත් සේවය සදහන් කරන්නේ මෙම බැලිස්ටික් මිසයිල සැදීමේ තත්ත්වය කෙතරම් ඉදිරියට ගොස් ඇද්ද යන්න ගැන පැහැදිලි කිරීමට අපහසු බවයි.

උතුරු කොරියාව විසින් Sanumdong නමින් හදුන්වනු ලබන කර්මාන්තශාලාවේ මෙම බැලිස්ටික් මිසයිල නිපදවනු ලබන බවට  අමෙරිකානු ඔත්තු බලන චන්ද්‍රිකා හරහා හදුනා ගැනීමට හැකිව තිබෙන අතර එම පරිශ්‍රය ඉතා කාර්යබහුල තත්ත්වයක් පෙන්නුම් කරනු ලබන බවයි රොයිටර් පුවත් සේවය සදහන් කරන්නේ.

උතුරු කොරියාවේ පැන නැගී එන තත්ත්වය පිළිබඳව අමෙරිකාව සිය පුර්ණ අවධානය යොමු කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.