මාධ්‍ය තුල මෙන්ම දේශපාලන වේදිකාවේද දැඩි කතා බහක ලක්ව තිබෙන මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත අද (31) පස්වරු 1.40ට පමණ ඇන්ටනොවූ වර්ගයට අයත් ADB 2540 වර්ගයේ විශාල ගුවන්යනාවක් ගොඩබස්වා තිබෙනවා.
ඉන්දුනීසියාවේ සිට මස්කට් දක්වා ගමන් කිරිමට පැමිණ ඇති මෙම ගුවන් යානය 19 දෙනෙකුගෙන් සමන්විත කාර්යමණ්ඩලය විවේකය සදහා මෙන්ම තෙල් ලබා ගැනීම සදහා මෙලෙස මත්තල ගුවන්තොටුපොළ භාවිතා කල බවයි ගුවන්තොටුපොළ නිලධාරියෙකු කියා සිටියේ.
මත්තල ගුවන්තොටුපොළේ ඇති පහසුකම් මෙන්ම එය දැඩි සේ කාර්යබහුල නොවීමත් නිසා ඇන්ටනොවූ ගුවන් යානා මත්තල ගුවන්තොටුපොළ භාවිතා කිරීම පසුගිය කාලය පුරාවටම සිදු කෙරුණු අතර පසුගිය අප්‍රේල් මස 18 වනදා ලොව විශාලතම ගුවන් යානාවක් වන antonov 225 වර්ගයට අයත් ගුවන්යානය ද මත්තල ගුවන්තොටුපොලතුල ගොඩබස්වනු ලැබුවා.