Wednesday, February 5, 2025

General line - 0115112241

පොලිස් පරීක්ෂක රංගජීව සහ හිටපු බන්ධනාගාර අධිකාරී එමිල් රංජන් යළි රිමාන්ඞ්

අධිකරණ වාර්තාකරු




පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර අධිකාරී එමිල් රංජන් ළමාහේවා ලබන මස 07 වනදා තෙක් අද (31) යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ රැඳීවියන් 27 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා. පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව අද අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර වෙනත් නඩු කටයුත්තක සාක්ෂිකරුවෙකු ලෙස පෙනී සිටින බවට ඔහු අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.