රුපියල් එක් කෝටි එකොලොස් ලක්ෂ හැත්තෑ තුන් දහස් හාරසියයක් (1,11,73,400) ක් වටිනා ඇමෙරිකානු ඩොලර් තොගයක් නීතිවිරෝධී ලෙස මස්කට් බලා රැගෙන යෑමට තැත් කළ ඕමාන ජාතික ගුවන් මගීන් දෙදෙනෙකු අද (31) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න පැවසුවා . මොවුන් දෙදෙනා ජාත්‍යන්තර තේ වෙළෙඳාමේ යෙදෙන ව්‍යාපාරිකයන් වන අතර , ඔවුන් මාසයක කාලයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණ සිටි අයයි .
අද උදෑසන 9.40 ට ඕමානයේ මස්කට් බලා පිටත්ව යන ඕමාන් ගුවන් සේවයේ ඩබ්ලිව් .වයි. 0376 දරන ගුවන් යානයෙන් පිටත්වීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී , ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් පවත්වනු ලබන ස්කෑන් පරීක්ෂණ වලදී , කරෙහි එල්ලාගෙන සිටි ගමන් මලු තුළ තිබූ මෙම ඇමෙරිකානු ඩොලර් තොගය හසුව තිබෙනවා. පසුව මොවුන් දෙදෙනා ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දුන් අතර , එහිදී එම ගමන් මලු තුළ සගවා ගෙන තිබූ ඇමෙරිකානු ඩොලර් 69,400 ක් සොයාගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් රංජිත් ළමාහේවා ගේ උපදෙස් මත , කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ ඕ.එම්. ජාබීර්ගේ අධීක්ෂණය යටතේ , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ විපුල මිනුවන්පිටිය , රේගු අධිකාරී ඒ.එන්.ජේම්ස් , සහකාර රේගු අධිකාරීවරුන් වන එන්.අයි.බාලගේ , එම්.එම්.එම්.රිෂ්වි , ඩබ්ලිව් .ඒ.එන්. ෆොන්සේකා , එච්.යූ.පී.පෙරේරා , එන්. ඩබ්ලිව් .ඒ.ඩී.ධනුෂ්ක , කේ.ඒ.එච්. අනුරුද්ධිකා සහ ඩබ්ලිව් .ජී.එස්.විජේවික්‍රම යන නිලධාරීන් පිරිසක් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වනවා.