Friday, May 3, 2024

General line - 0115112241

අධික උණුසුමෙන් දකුණු කොරියාවේ පුද්ගලයින් 29ක් මරුට : සේවකයින් ගැන රජයේ විශේෂ අවධානය (PHOTOS)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




දකුණු කොරියාවට බලපා තිබෙන අධික උණුසුම් කාලගුණය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 29 දෙනෙක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටි.

දකුණු කොරියානු බලධාරීන් සදහන් කරන්නේ ගතවූ දින 15 ක කාලය තුල රටේ දේශගුණික තත්ත්වය වෙනස් වී ඇති බවත් දහවල් කාලයේදී උෂ්ණත්ව අගය සෙල්සියස් අංශක 35 ක අගය ඉක්මවා වාර්තා වූ බවයි. 

ඊයේ (02) දිනයේදී දකුණු කොරියාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 39.6 ක් ලෙස වාර්තාවූ අතර එය ගතවූ වසර 111 ක් තුල වාර්තාවූ ඉහළතම උෂ්ණත්වය අගය බවයි කාලගුණ බලධාරීන් සදහන් කරන්නේ.

පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් රටේ සියලුම පොදු ඉදිකිරීම් ස්ථානයන් හි දහවල් කාලයේ වැඩමුරයන් නතර කරන මෙන් දකුණු කොරියානු අගමැති කාර්යාලය නිවේදනයක් නිකුත් කර ඇති බව CNN පුවත් සේවය සදහන් කරනවා.

මිය අමතරව ජනතාවට සෞඛ්‍ය පහසුකම්, ජලය සහ සිසිලන පද්ධතීන් ලබාදීමටද දකුණු කොරියානු රජය මේ වන විට කටයුතු අරඹා තිබෙනවා.

මිට අමතරව පෘතුගාලය, ස්පාඤ්ඤයඇතුළු යුරෝපා රටවලටද මෙම සතියේ දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් ඇතිවනු ඇති බව බ්‍රිතාන්‍ය කාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇති බව සදහන්.

පසුගිය මාසයේදී කැනඩාවේ ඇතිවූ උණුසුම් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 36 දෙනෙක් ද, ජපානයට බලපෑ උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 65 දෙනෙක් මියගියා.

පෘථිවිය මුහුණ පා තිබෙන උණුසුම් කාලගුණික විපර්යාසයට මුලික හේතුව වී ඇත්තේ හරිතාගාර වායු විමෝචනය ඉහළ යාම බවයි විද්‍යාඥයින් සදහන් කරන්නේ.

කාලගුණ විද්‍යාඥයින් සදහන් කරන්නේ මේ වන විටත් ලොව පුරා රටවල දේශගුණික විපර්යාසයන් වාර්තා වෙමින් තිබෙන බවයි. මේ වසරේ ඉදිරි කාල සීමාවේදී උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ යාම, ලැව්ගිනි, ගංවතුර තත්ත්වයන් බහුලව ඇති වීමේ ඉඩකඩ ඇති බවට විද්‍යාඥයින් අනතුරු අඟවනු ලබනවා.