Friday, May 3, 2024

General line - 0115112241

ප්ලාස්ටික් තහනමක්

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




වාණිජමය කටයුතු සඳහා ප්ලාස්ටික් අසුරණ යොදා ගැනීම තහනම් කරමින් චිලී රාජ්‍යය නව නීතියක් පනවා තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ වාණිජ ක්ත්‍ෂ්ත‍්‍රය සඳහා ප්ලාස්ටික් තහනම් කළ පළමු දකුණු අමෙරිකානු රට වන්නේ චිලී රාජ්‍යය බවයි.

නව නීතියට අනුව මහා පරිමාණ ව්‍යාපාර සඳහා ප්ලාස්ටික් භාවිතයෙන් ඉවත් වීමට මාස 06 කාලයකුත්, කුඩා ව්‍යාපාර සඳහා ප්ලාස්ටික් භාවිතයෙන් ඉවත් වීමට වසර 02ක කාලයක් ලබා දී ඇති බවද සඳහන්. අදාළ කාලසීමාවෙන් පසුව නීති කඩකරන ව්‍යාපාර සඳහා දඩ පනවන බවයි චිලී රජය පවසන්නේ.