Monday, April 29, 2024

General line - 0115112241

උතුරු කොරියාවට යළි චෝදනා - කොරියාව තවම නිහඬයි

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




එක්සත් ජාතින්ගේ සංවිධානය උතුරු කොරියාව සම්බන්ධයෙන් අනාවරණයක් සිදු කර තිබෙනවා. එම සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ උතුරු කොරියාව සිය න්‍යෂ්ටික මිසයිල වැඩසටහන අත්හිටුවා නොමැති බවයි. ඒ අනුව ජගත් සංවිධානය පනවා ඇති සම්බාධකද නොතකා උතුරු කොරියාව අඛණ්ඩව සිය න්‍යෂ්ටිත අත්හදා බැලීම්වල නිරතව සිටින බව අදාළ වාර්තාව මගින් පෙන්වා දෙනවා.

එමෙන්ම නීති විරෝධී තෙල් නැව් හුවමාරුව සහ විදෙස් රටවල් සඳහා අවි ආයුධ අලෙවි කිරීම ද ඉහළ නැංවීමට උතුරු කොරියාව උත්සහ දරමින් සිටින බවයි අදාල වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. අදාළ වාර්තාවේ අඩංගු කරුණු එක්සත් ජාතින්ගේ ආරක්ෂක කවුන්සිලය වෙතද යොමු කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් අදාළ චෝදනා සම්බන්ධයෙන් උතුරු කොරියාව මෙතෙක් කිසිඳු ප‍්‍රතිචාරයක් දක්වා නැහැ. එසේම උතුරු කොරියාව වෙත මෙම චෝදනා එල්ල වන්නේ සිය න්‍යෂ්ටික කි‍්‍රයාකරම් අත්හිටුවන බවට ඔවුන්, අමෙරිකාව වෙත ප‍්‍රතිඥා ලබා දී ගිවිසුම් සඳහා ද අත්සන් තබා ඇති පසුබිමක් තුළයි.