Monday, April 29, 2024

General line - 0115112241

රතු මුහුද හරහා ඉන්ධන ප්‍රවාහනයට සෞදිය සුදානම්

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




තමන් යලි රතු මුහුද හරහා ඉන්ධන අපනයනය කිරීම ආරම්භ කරන බව සෞදි අරාබිය අද (04) නිවේදනය කළා. ඉකුත් ජුලි 26 වෙනිදා ඉන්ධන රැගත් සෞදි අරාබියේ නෞකා දෙකකට යේමනයේ සිටින ඉරාන අනුග්‍රහය ලබන හුටී කැරලිකරුවන් විසින් එල්ල කළ ප්‍රහාරයෙන් අනතුරුව සෞදි රජය රතු මුහුද ඔස්සේ ඉන්ධන අපනයනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කරනු ලැබුවා.

අරාබි ලීගයේ සියලුම ඉන්ධන අපනයනය කරනු ලබන රටවල් විසින් සාකච්ජා කිරීමෙන් අනතුරුව රතු මුහුද ඔස්සේ ඉන්ධන අපනයනය කරනු ලබන සියළුම නෞකාවන් වල ආරක්ෂාව පිළිබඳව ගත යුතු ආරක්ෂක ක්‍රම පිලිබඳ සහ ඉදිරි ක්‍රියා මාර්ග ගැන විමසා බැලීමෙන් අනතුරුව එම තීරණයට එළැඹි බවයි සෞදි අරාබියේ බලශක්ති අමාත්‍ය කාලිඩ් අල් ෆාලි සදහන් කර සිටියේ.

යේමනයේ හුටී කැරලිකරුවන් සමග සෞදිය ප්‍රමුඛ අරාබි ලීගයේ රටවල් පසුගිය වසර තුනක පමණ කාලයක් සටන් වදිමින් සිටිනවා. 

ඉන්ධන අපනයනය කරනු ලබන රටවලට උපක්‍රමික වශයෙන් වැදගත් වන රතු මුහුද හරහා වැටී තිබෙන නෞකා මාර්ගය ඔස්සේ ඔවුන් සිය ඉන්ධන නැව් යේමනයේ වෙරළ ආසන්නයෙන් වැටී තිබෙන මුහුදු මාර්ගය ඔස්සේ ගොස් සුවස් ඇළ හරහා යුරෝපයට ඉන්ධන අපනයන කිරීම සිදුකරනු ලබනවා.