Sunday, May 19, 2024

General line - 0115112241

ස්ට්‍රෝබෙරි ගෙඩි තුළ තිබී ඉඳි කටු සොයාගැනීමේ සිද්ධිය ඕස්ට්‍රේලියාවට හිසරදයක් වෙයි

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඕස්ටේ‍්‍රලියාවේ ස්ට්‍රෝබෙරි ගෙඩි තුළ තිබී ඉඳි කටු සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එරට බලධාරීන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. 

ඒ, රට තුළ මෙන්ම ජාත්‍යන්තරයේද මතුව ඇති දැඩි කතාබහ හේතුවෙන්.

දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව ස්ට්‍රෝබෙරි තුළ තිබී ඉඳිකටු සොයා ගැනීමේ සිද්ධීන් ප‍්‍රාන්ත 06කින් වාර්තා වී තිබෙනවා. එවැනි ස්ට්‍රෝබෙරි ආහාරයට ගත් එක් අයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි සඳහන්.

පවතින තත්ත්වය මත ජනප‍්‍රිය වෙළඳ නාම 06ක් යටතේ අලෙවි කළ ස්ට්‍රෝබෙරි ආපසු කැඳවීමටයි පියවර ගෙන ඇත්තේ. ආනයනික ස්ට්‍රෝබෙරි අලෙවිය තහනම් කිරීමට නවසීලන්තය දැනටමත් පියවර ගෙන තිබෙනවා. ඔවුන්ද පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. 

මෙලෙස ඉදිකටු සහිත ස්ට්‍රෝබෙරි පිළිබඳ වැඩි වශයෙන් තොරතුරු අනාවරණ වී ඇත්තේ ක්වින්ස්ලන්, නිව් සවුත්වේල්ස්, වික්ටෝරියා, කැන්බරා, ටස්මේනියා සහ දකුණුදිග  ඕස්ටේ‍්‍රලියාවෙන්. අදාළ සිද්ධීන් පිළිබඳ නිවැරදි තොරතුරු ලබා දෙන්නෙකුට  ඕස්ටේ‍්‍රලියානු ඩොලර් ලක්ෂයක ත්‍යාගයක් ලබාදීමට ද  ඕස්ටේ‍්‍රලිියානු බලධාරීන් තීරණය කර තිබෙනවා. 

ස්ට්‍රෝබෙරි කර්මාන්තයෙන් ඕස්ටේ‍්‍රලියාව වාර්ෂිකව උපයන ආදායම ඕස්ටේ‍්‍රලියානු ඩොලර් මිලියන 130ක්.