අමෙරිකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන විදේශීය භාෂා අතර ඉන්දියාවේ තෙළිගු භාෂාව අංක එකට පැමිණ තිබෙනවා. 2010 වසරේ සිට 2017 වසර දක්වා ගත් කළ තෙළිගු භාෂාවේ ව්‍යාප්තිය සියයට 86ක්.
දකුණු ඉන්දීය භාෂාවක් වන තෙළිගු භාෂාව ඉන්දියාවේ වැඩියෙන්ම භාවිත කරන භාෂා අතර සිව්වැන්නයි. කෙසේ වෙතත් එය ලෝකයේ වැඩිම පිරිසක් භාවිත කරන භාෂා අතර පළමු භාෂා 20 අතරට හෝ අයත් නොවීම විශේෂත්වයක්.