Thursday, November 28, 2024

General line - 0115112241

යුක්රේනය සහ රුසියාව අතර උණුසුම් තත්ත්වයක්

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




යුක්රේනය සහ රුසියාව අතර උණුසුම් තත්වයක් හටගෙන තිබෙනවා.

ඒ, සිය මුහුදු සීමාව උල්ලංඝණය කළ බව පවසමින් යුක්රේනයට අයත් නාවික යාත‍්‍රා 03ක් රුසියාව සිය භාරයට ගැනීමත් සමගයි.

එහිදී වෙඩි හුවමාරුවක් ද සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ සමග ක‍්‍රියාත්මක වූ රුසියානු ආරක්ෂක අංශ යුක්රේන ප‍්‍රහාරක නාවික යාත‍්‍රා 02ක් සහ ටග් යාත‍්‍රාවක් සිය භාරයට ගෙන තිබෙනවා. මෙහිදී සිදු වූ වෙඩි තැබීමෙන් යුක්රේන නැවියන් කිහිපදෙනෙකු ද තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍යයන්හි දැක්වෙන්නේ.