Friday, September 20, 2024

General line - 0115112241

බුදුන් වහන්සේත් කළා – මාත් කළා



මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ඔහුගේ අමාත්‍යංශයෙන් අත්තනෝමතිකව රැකියා ලබාදුන් බවට පසුගිය දිනවල පුවත් පත් වාර්තා කර තිබුණා.

පසුගිය දිනෙක පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මෙම චෝදනාවට පිළිතුරු ලබාදුන්නා.

මම මාගේ අමාත්‍යාංශයෙන් ලබා දුන් රැකියා පිළිබඳ විවිධ අදහස් පුවත්පත්වල පළ වී තිබෙනවා.

රැකියාවක් ලබාදීම දූෂණයක් නොවෙයි.

නිදහස ලබා බලයට පත්වූ සෑම ආණ්ඩුවක්ම රැකියා ලබාදී තිබෙනවා.

එය කළගුණ සැලකීමක්. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා පළමුවෙන් අපට ලබාදුන් පණිවුඩය තමයි කළගුණ සැලකීම.

ඒ නිසා මාර්ග සංවර්ධන අධිකාරියෙන් ලබාදුන් රැකියා දූෂිත ක්‍රියාවක් කියන එක කිසිසේත් පිළිගන්න බැහැ. මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සම්මුඛ පරීක්ෂණ පවත්වා ඒ ඒ අයගේ සුදුසුකම් අනුව මේ රැකියා අවස්ථාවන් ලබාදී තිබෙන්නේ.

සමහරු මේක පටලවා තේරුම් අරගෙන තියෙන්නේ. අපේ අමාත්‍යාංශයට ඉන්නේ එක උපදේශකවරයායි. නමුත් අපේ අමාත්‍යාංශයේ ව්‍යාපෘති ගණනාවක් තිබෙනවා.

නමුත් මේ පත්කර තිබෙන අය අමාත්‍යාංශ උපදේශකවරුන් නොවෙයි. ඒ පත්කර තිබෙන්නේ ව්‍යාපෘති උපදේශකවරුන් ලෙස යැයි ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.