Tuesday, April 30, 2024

General line - 0115112241

ට‍්‍රම්ප්ගේ තීන්දු නිසා අමෙරිකානු සේවකයින් ලක්ෂ 08ක් අසරණ වෙයි

තරංග රුක්ෂාන් ජයසේකර




අමෙරිකානු රජයේ කටයුතු නතර වීම හේතුවෙන් මේ වනවිට එරට රජයේ සේවකයින් ලක්ෂ 08ක් පමණ පීඩාවට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. මේ වනවිට රජයේ කටයුතු නතර වී මාසකයට අධික කාලයක් ගත වී අවසන්. 

මෙම අර්බුදයට හේතු වූයේ අමෙරිකාව සහ මෙක්සිකෝව වෙන් කරමින් තාප්පයක් ඉදිකිරීමට ඩොනල්ඞ් ට‍්‍රම්ප් ගෙන ආ යෝජනාවට එරට කොංග‍්‍රස් මණ්ඩලයේ අනුමැතිය හිමි නොවීමත් සමඟයි. මෙම තාප්පය ඉදි කිරීමට අමෙරිකානු ඩොලර් බිලියන 5.7ක මුදලක් ඔහු ඉල්ලා සිටියා.