Tuesday, April 30, 2024

General line - 0115112241

ප‍්‍රංශයේ සංචාරක නවාතැන්පළක ගින්නක්

තරංග රුක්ෂාන් ජයසේකර




ප‍්‍රංශයේ ජනප‍්‍රිය සංචාරක නවාතැනක අද ගින්නක් හට ගත්තා. මේ වනවිට ලැබී ඇති තොරතුරුවලට අනුව පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තුවාල ලබා ඇති සංඛ්‍යාව 22ක්. ගින්නෙන් මහල් 03කට බලපෑම් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

ගින්න හට ගන්නා අවස්ථාවේ සංචාරකයින් ද එහි සිටියාදැයි මෙතෙක් තොරතුරු නොමැති බව විදෙස් මාධ්‍යයන්හි සදහන්. ගින්න ඇති වූ අවස්ථාවේ ඉහළ මාලයේ සිට ඇතැම් පිරිස් බිමට පනින ආකාරය දැක්වෙන දර්ශන ද විදෙස් මාධ්‍ය අද (20) වාර්තා කර තිබුණා.