බංග්ලාදේශයේ ඩකා නුවර මහල් 19 කින් යුත් ගොඩනැගිල්ලක ඊයේ හටගත් ගින්නෙන් ගොඩනැගිල්ලේ සිරවි සිටි සියයකට අධික පිරිසක් බේරාගෙන තිබෙනවා. ඒ, එරට ගිනි නිවන බලධාරීන් සහ ගුවන් හමුදා සහායෙන්. සිරවී සිටි පිරිස් බේරා ගැනීම සදහා හෙලිකොප්ටර් යානාද යෙදවීමටයි එරට බලධාරීන්ට සිදු වුණේ. තවදුරටත් ගොඩනැගිල්ල තුළ සෝදිසි මෙහෙයුම් සිදුවන අතර ජීවිත අහිමි වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි ප්‍රකාශ කෙරුණේ.
මේ දක්වා ලැබී ඇති වාර්තාවලට අනුව සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 19 ක්. ඉන් හය දෙනෙකුම ජිවිතක්ෂයට පත්ව ඇත්තේ ගින්න අවස්ථාවේ ගොඩනැගිල්ලෙන් බිමට පැනීම හේතුවෙන්. ගින්නෙන් ශී‍්‍ර ලාංකිකයෙකුද ජීවිතක්ෂයට පත් වූ අතර තවත් අයෙකු තුවාල ලැබුවා.
ඉකුත් පෙබරවාරි මාසයේද ඩකා නුවර ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 21 දෙනෙකුට ජීවිත අහිමි වුණා.