Wednesday, February 5, 2025

General line - 0115112241

ශ‍්‍රී ලාංකිකයින් 04දෙනා විමර්ශනවලින් පසු මුදා හරී

ඩිල්ෂාන් මඩවල




එංගලන්තයේ ලන්ඩන් නුවර ලුටන් ගුවන් තොටුපළේදී ඉකුත් දා අත්අඩංගුවට ගැනුණු ශ‍්‍රී ලාංකිකයින් 04දෙනා විමර්ශනවලින් පසු මුදා හැර තිබෙනවා.

මෙම ශ‍්‍රී ලාංකිකයින් 04දෙනා අත්අඩංගුවට ගැනුණේ ත‍්‍රස්ත චෝදනා යටතේයි.

පොලිස් සහ අපරාධ සාක්ෂි පනත යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව මෙට්‍රොපොලිටන් පොලීසිය පැවසුවා. ඔවුන් තහනම් සංවිධානයක සාමාජිකයින් ලෙස කටයුතු කරන බවට තොරතුරු ලැබී තිබුණු බවයි එහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. පසුව ඔවුන් පොලිස් භාරයේ රඳවාගෙන විමර්ශන සිදු කෙරුණා.