ටික් ටොක් වීඩියෝ යෙදුම තහනම් කිරීමට ඉන්දියාව කටයුතු කර තිබේ.
මෙමගින් අසභ්‍ය වීඩියෝ නිර්මාණ සංසරණය වන බවට ඉන්දියාවේ අධිකරණයක් හමුවේ ගොනුකර තිබූ පැමිණිල්ලක් විභාග කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කර ඇත.
ඒ අනුව ඇපල් හා ගූගල් සමාගම් අදාල යෙදුම ඉවත් කර ගැනීමට කටයුතු කර ඇත.
ලොව පුරා මිලියන 500ක් පමණ භාවිත කරන ටික් ටොක් වීඩියෝ යෙදුම ඉන්දියාවේ පමණක් මිලියන 120 භාවිත කරයි.
බංගලාදේශයද මේ වන විටත් ටික් ටොක් වීඩියෝ යෙදුම තහනම් කිරීමට පියවර ගෙන තිබේ.