පෘතුග්‍රීසියේ මැඩේයිරා දුපතේ සංචාරයේ නියුතු ජර්මානු ජාතිකයින් රැගත් බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළි යාමෙන් එහි ගමන් කරමින් සිටි පුද්ගලයින් 28 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
මෙම අනතුරෙන් බස් රථයේ සිටි තවත් සංචාරකයින් 28 දෙනෙක් බරපතළ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුල රියදුරුට අමතරව සංචාරකයින් 55 දෙනෙක් ගමන් කරමින් සිට ඇත.
අනතුර වාර්තා වීමෙන් පසු පෘතුග්‍රීසි ජනාධිපති මාර්සෙලෝ රෙබෙලෝ මැඩේයිරා දුපතට පැමිණ ඇති බවත් අගමැති ඇන්ටෝනියෝ කොස්ටා විසින් ජර්මානු චාන්ස්ල්වරිය වන ඇන්ජලා මාර්කෙල් වෙත ශෝක පණිවිඩයක් යවා තිබෙනවා.