Monday, April 29, 2024

General line - 0115112241

ඉස්ලාම් ධර්මය පිළිබඳ ප‍්‍රවීණ දේශක අහමඞ් ඉදිකාබ් අන්ලිමිටඩ් වෙත කළ අනාවරණය



පාස්කු ඉරිදා ප‍්‍රහාරය මෙහෙය වූ බව පැවසෙන අන්තවාදී නායක සහරාන් හෂීම්ට එරෙහිව වරෙන්තු නිකුත් වී තිබුණද ඔහුට එරෙහිව නීතිය නිසි පරිදි කි‍්‍රයාත්මක නොවුනු බව කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු කථිකාචාර්ය, ඉස්ලාම් ධර්මය පිළිබඳ ප‍්‍රවීණ දේශක අහමඞ් ඉදිකාබ් පවසනවා.

ඒ සඳහා සහරාන් හෂිම්ට කිසියම් පාර්ශ්වයක සහාය ලැබුණු බවද ඔහු කියාසිටියා. හිටපු කථි්කාචාර්වරයා මෙම අදහස් පළ කළේ ඊයේ (03) රාත්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින්. 

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්තිද මෙම සංවාදයට එක් වුණා. ඔහු කියාසිටියේ පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු මෙරට ජනතාවට තවදුරටත් යථාතත්ත්වයට පත්වීමට නොහැකි වී ඇත්තේ ජාතීන් අතර පවතින බෙදීම් හේතුවෙන් බවයි.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වේ.