Thursday, October 17, 2024

General line - 0115112241

ප්‍රභූ ආරක්ෂකයින්ට තරා තිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න : මන්ත්‍රි ආශු ගෙන් පොලිස්පතිට ලිපියක්

දිනුක් හේවාවිතාරණ




කොළඹ-නුවර පාරේ කළගෙඩිහේන ප්‍රදේශයේදී වෑන් රථයකට ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (18) සිදුකළ පහර දීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රි ආශු මාරසිංහ පොලිසියෙන් ඉල්ලා සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි ආශු මාරසිංහ විසින් අද දින වැඩබලන පොලිස්පතිවරයා වෙත මෙම ලිපිය යොමු කර තිබෙනවා. මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් ගේ තරාතිරම නොබලා නිතිය ක්‍රියාත්මක කරන ලෙසයි මන්ත්‍රිවරයා සිය ලිපියෙන් දැනුම් දී තිබෙන්නේ.

මාර්ගයේ ඉඩ ලබා නොදීම හේතුවෙන් කෝපයට පත්වූ ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් පිරිසක් විසින් වෑන් රථයට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ වීඩියෝවක්  මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.

මන්ත්‍රිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට යැවු ලිපිය පහතින් දැක්වේ