Saturday, May 11, 2024

General line - 0115112241

ගාල්ල-කොළඹ මාර්ගයේ කහව ප්‍රදේශයේ මුහුදු ජලය සහ වැලි මාර්ගයට ගසාගෙන ඒමේ තත්ත්වයක්

ලලිත් චාමින්ද




ශී‍්‍ර ලංකාවට ගිනිකොණ දෙසින් වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් අද (27) සිට දිවයිනේ ප‍්‍රදේශ රැසක වැසි තත්ත්වය වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව උතුරු, උතුරු-මැද, ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ති‍්‍රක්කයේත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150 ක පමණ තද වැසි ඇති විය හැකියි.

මධ්‍යම සහ සබරගමුව පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්කවල ඇතැම් ස්ථානවලටත් මිලි මීටර් 100 ක පමණ තරමක තද වැසි ද ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, මුහුද රළු වීම හේතුවෙන් ගාල්ල - කොළඹ ප‍්‍රධාන මාර්ගයේ තෙල්වත්ත සහ කහව යන ස්ථානවලින් මුහුදු ජලය සහ මුහුදු වැලි මාර්ගයට ගසාගෙන එමින් පවතින බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා. ඒ හේතුවෙන් මාර්ගයේ ගමන් කරන පුද්ගලයින් සහ වාහන හිමියන් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.