Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව ජපානය සමග අද ගැටේ




ආසියානු දැල් පන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය අද (02) පැවැත්වෙනවා. ඒ ජපානය සමගයි.

ඊයේ (01) පැවති තරගයෙන් ඇෆ්ගනිස්ථානයට එරෙහිව නිතරග ජයක් ලබන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

ඒ අවසන් මොහොතේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම තරගාවලියෙන් ඉවත්වීම නිසයි.

මේ අතර ආසියානු දැල් පන්දු තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (01) පැවති තරගවලින් ජයගන්නට මැලේසියාව , තායිලන්තය සහ සිගප්පුරුව සමත් වුනා ,

තරගාවලිය පැවැත්වෙන්නේ තායිලන්තයේ බැංකොක් නුවරදීයි.

13874660_10210251849118972_351170499_n 13883894_10210251848798964_1300126662_n