Sunday, May 5, 2024

General line - 0115112241

කොරෝනා නිසා නැවතුනු දඹදිව වන්දනා යළිත් අරඹන්න සැළසුම් කෙරේ



කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් නවතා දමා ඇති දඹදිව වන්දනා චාරිකා හැකි ඉක්මණින් යළි ආරම්භ කිරීමට සූදානම් බව විදේශ බෞද්ධ වන්දනාගමන් සංවිධායකයින්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ මහලේකම් ආචාර්ය මහේන්ද්‍ර හල්ලොලූව මෙම අදහස් පළ කළේ ඊයේ (02) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින්.

මේ අතර දඹදිව වන්දනා ගමන් සදහා මුදල් වැයකර එහෙත් කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් යාමට නොහැකි වූ වන්දනාකරුවන්ට ද සහනයක් සැලසීමට විදේශ බෞද්ධ වන්දනාගමන් සංවිධායකයින්ගේ සංගමය තීරණය කර තිබෙනවා. 

ඒ අනුව යළි සංචාර ආරම්භවීමෙන් පසුව අදාළ මුදලට සරිලන පරිදි දඹදිව වන්දනාව සදහා ඔවුන්ව රැගෙනයාමටයි තීරණය කර ඇත්තේ. එමෙන්ම වෙනත් අයෙකු ඒ සදහා ආදේශ කිරීමටද අවස්ථාව ලබාදී ඇති බවයි එම සංගමයේ මහලේකම් ආචාර්ය මහේන්ද්‍ර හල්ලොලූව කියා සිටියේ. 

(ඊයේ රාතී‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කණපිට සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වේ.)