Monday, May 6, 2024

General line - 0115112241

ලොව පළමු වරට එක් පුද්ගලයෙකුට දෙවරක් කොරෝනා ආසාදනය වූ සිද්ධියක්




ලොව පළමු වරට එක් පුද්ගලයෙකුට දෙවරක් කොරෝනා වෛරසය ආසාදනය වූ පුවතක් හොංකොං රාජ්‍යයෙන් වාර්තා වනවා.

මෙලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ ද වයස අවුරුදු 30ක නිරෝගීව සිටි පුද්ගලයෙකුටයි. ඔහු, මීට මාස හතරහමාරකට පෙරදී කොරෝනා වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ අයෙක්. කෙසේ වෙතත් හොංකොං වෛද්‍යවරුන් පවසන්නේ මෙම පුද්ගලයාට පළමු වරට වැලදුනු කොරෝනා වෛරසයට වඩා දැන් වැලදී ඇති වෛරසය අතර පැහැදිලි ජානමය වෙනසක් ඇති බවයි. 

කොරෝනා වෛරසය වැලදී පූර්ණ සුවය ලබා කලකට පසුව, ලොව කිසියම් පුද්ගලයෙකුට යළි කොරෝනා වෛරසය වැළදුනු බවට තහවුරු කෙරුණු පළමු අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

කෙසේ වෙතත් එක් රෝගියෙකුගේ සිද්ධියක් පදනම් කරගෙන නිගමනවලට නොයා සිටීම වැදගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.

ඒ සම්බන්ධ විද්වතුන් පවසන්නේ එක් පුද්ගලයෙකුට දෙවරක් කොරෝනා වෛරසය ආසාදනය වීම දුර්ලභ විය හැකි බවත් එය බරපතල නොවන බවයි.