Saturday, September 21, 2024

General line - 0115112241

“ශ්‍රීලනිපය කඩන අය අතර මට නැත්නම් කාටවත් එපා කියන අය ඉන්නවා” – චම්පික




දූෂණ සහ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් එල්ල වන චෝදනා යටපත් කර ගැනීමේ අරමුණින් ඒකාබද්ධ විපක්‍ෂය ජන සටන පාද යාත‍්‍රාව සංවිධාන කළ බව අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.

අනුරාධපුරයේ ඊයේ (06) පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ රටේ ජනතාව බිය ගැන්වීමේ අරමුණින් ඔවුන් මෙය සැළසුම් කළ බවයි.

දූෂිතයන්ට එරෙහි පරීක්‍ෂණ කඩිනම් විය යුතු බවත් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රජාතන්ති‍්‍රක පක්‍ෂයක් විය යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩන්නට උත්සහ කරන පිරිස්ගේ අරමුණ වී ඇත්තේ “මට නැත්නම් කාටවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එපා” යැයි බවද පැවසුවා.