Thursday, March 28, 2024

General line - 0115112241

ආදරවන්තයන්ගේ දිනයේදි සිසුන් පිරිසක් විසින් අබාධිත පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරවයි (PHOTOS)

රංජිත් රාජපක්ෂ




අද දිනට යෙදි ඇති ආදරවන්තයන්ගේ දිනයේදි විශේෂ අවශ්‍යතා තියෙන දරුවන්, දෘෂයාබාධිත සහ ශ්‍රවණාබාධිතයින් පිරිසක් ශ්‍රී පාදය කරුණා කරවීමට බාහිර පන්ති පවත්වනු ලබන ගුරුවරයෙකු සහ ඔහුගේ සිසුන් පිරිසක් කටයුතු කරනු ලැබුවා.

හෝමාගම ප්‍රදේශයේ පදිංචි ඉංග්‍රීසි විෂය සම්බන්ධයෙන් දිවයින පුරා බාහිර උපකාරක පන්ති පවත්වනු ලබන සනත් අත්තඩිය සහ ඔහුගේ පන්තිවලට සහභාගි වන දිවයින පුරා සිසුන් පිරිසක් එක් කර ගනිමින් මෙම අබාධිත පුද්ගලයින් පිරිස ශ්‍රී පාදය කරුණා කරවනු ලැබුවේ.

ශාන්ත ජොන් ගිලන් රථ සේවයේ සහයද ලබා ගනිමින් ජංගම ප්‍රතිකාර මධ්‍යස්ථාන සේවාවක් සලසා ගනිමින් ශ්‍රී පාද - හැටන් මාර්ගයේ ඉදිකටු පහන සිට ශ්‍රී පාද උඩ මළුව දක්වා අත් වැට විෂබිජහරණය කරමින් මෙම පිරිස ශ්‍රී පාදය කරුණා කරවිමට කටයුතු කර ඇත.

අබාධිත පිරිසට කිහිලිකරු, අත්වාරු, ආහාර පාන, ප්‍රවාහන පහසුකම්, සෞඛ්‍ය පහසුකම් නොමිලේ ලබා දෙමින් එම ගුරුවරයාගේ මුල්‍ය දායකත්වයෙන් සිසුන් පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම පුණ්‍යකර්මය සිදු කර ඇත.

ඊයේ (13) දින රාත්‍රියේ සිට අබාධිත පිරිස ශ්‍රී පාදය කරුණා කරවිමට කටයුතු කර ඇති අතර, එම පිරිස ශ්‍රී පාදය කරුණා කිරිමට ප්‍රථමව සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති මාර්ග උපදේශ වලට අනුකුලව අදාලව ප්‍රාදේශීය ලේකම් කාර්යයාල අවසර පත්‍රද ලබාගෙන මෙම පිරිස ශ්‍රී පාදස්ථානය කරුණා කරවිමට කටයුතු කල බවයි සනත් අත්තඩිය ගුරුවරයා සඳහන් කලේ.