Saturday, September 21, 2024

General line - 0115112241

ජොන්ස්ටන් සහ රෝහිත ජනපති කොමිසමට




ජොන්ස්ටන් ප‍්‍රනාන්දු සහ රෝහිත අබේගුණවර්ධන යන හිටපු අමාත්‍යවරුන් අද (08) පෙරවරුවේ බරපතළ වංචා විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියා.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු කොමිසම හමුවේ පෙනී සිටියේ සහල් මෙටි‍්‍රක් ටොන් හැටදහසක් ශ‍්‍රී ලංකාවට ආනයනය කිරීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක‍්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප‍්‍රකාශයක් ලබාදීමටයි.

ඉකුත් 2014 වසරේදී කැබිනට් අනුමැතියකින් තොරව මෙම සහල් තොගය ආනයනය කර තිබෙනවා.

මේ අතර හම්බන්තොට වරාය විවෘත කිරීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක‍්‍රමිකතාවක් සම්බන්ධයෙන් ද බරපතළ වංචා විමර්ශනය කිරීමේ ජනපති කොමිසම විමර්ශනයක් සිදුකරනවා.

ඊට අදාළව හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගෙන් ප‍්‍රකාශ ලබාගැනුණා.