Sunday, September 22, 2024

General line - 0115112241

මහින්ද සමයේ බෝම්බ තියා පිපිරෙව් ‘පාලම‘ තමා අපි හදන්න යන්නේ – රහුමාන්




ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව යා කරමින් කිසිදු පාලමක් ඉදි කිරීමේ සැලැස්මක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් පවසනවා. කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ ඇතැම් පාර්ශව මෙම පාලම සම්බන්ධයෙන් ඇති කරන්නේ අනවශ්‍ය භීතිකාවක් බවයි.

ඉන්දියාව සමග පාලමක් නොව උතුර දකුණ නැගෙනහිර එක්සත් කර සිංහල දෙමළ මුස්ලිම් යන ජාතීන් එකමුතු කරන  පාලමක් පමණක් මෙම ආණ්ඩුව සාදාගෙන ඇති බව ඔහු පැවසුවා.

උදය ගම්මන්පිලලා ඒදා ඒ එකමුතු පාලම බොම්බ තබා කැඩූ බවත් ජාතිවාදය අවුස්සා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ ඒ පාලම බොම්බ තබා පිපිරෙව් බවත් ඒ කැඩූ පාලම දැන් යහපාලන ආණ්ඩුව විසින් නැවත හදමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.