Sunday, September 22, 2024

General line - 0115112241

රතන හිමි නිහැඩියාව බිඳී




රටේ මතුවන ඕනෑම ගැටලූවකදී සිය කාර්යභාරය ඉටු කිරීමට පසුබට නොවන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. ජාතික පාරිභෝගික ජාලය පිහිටුවීමේ සමාරම්භක අවස්ථාවට ඊයේ කොළඹදී එක්වෙමින් උන්වහන්සේ මේ බව කියාසිටියා.

‘‘මං ගැන එක ප්‍රශ්ණයක් මාධ්‍ය වල අහනවා කෝ දැන් නිහඩද කියලා.. රට දැන් විනාශ වෙන්න යන්නේ මහා විශාල ප්‍රශ්ණයක් කෝ දැන් කතා කරපු අය නැද්ද කියලා.. අපි කියන්න කැමතියි මේ රටේ ඕනෑම භායානක ප්‍රශ්නයකදි අපි මැදිහත් වනවා.මේ ආණ්ඩුව පරිවර්තනය කළා වගේම ජනතාවට හානි කර දෙයක් වෙනවනම් ඒ සම්බන්ධයෙන් ඕනෑම මොහොතකදි තිරණාත්මකව මැදිහත්වී වෙනස් කරන්න කැපවෙන බව කියන්න කැමතියි‘‘ යැයි උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියා.