Sunday, September 22, 2024

General line - 0115112241

‘‘හැමදේම ලිපිකරු ලෙවල් එකෙන් බෑ – උසාවිත් මීට වඩා නම්‍යශීලී විය යුතුයි‘‘




වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත කි‍්‍රයාත්මක නොවීම හේතුවෙන් ආණ්ඩුවට මාසිකව රුපියල් මිලියන හය දහසක ආදායමක් අහිමි වන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

මූල්‍ය කළමණාකරණ වගකීම සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් ඔහු මේ බව කියාසිටියා.

මීට පෙර වැට් බදු සම්බන්ධයෙන් පනත් සම්මත කරගත් ආකාරය පිළිබද මුදල් අමාත්‍යවරයා කරුණු දැක්වුයේ මෙලෙසයි.

‘‘2002 පටන් ගත්ත මේ වැට් බද්ද 23ගමනක් ඒ මුදල් ඇමතිවරුන් ඒ ආකාරයෙන් ඉදිරිපත් කරලා තියනවා.මේ ගමන විතරක් සුවිශේෂ වෙනසක් ඇතිවෙලා තියනවා. එතන කියලා තියෙන්නේ මම මේක වාචිකව පාර්ලිමේන්තුවේ කීවේ නැති එක කියලා.මං හිතන විදියට උසාවිත් මීට වඩා නම්‍යශීලී විය යුතුයි. ඒ කියන්නේ හැමදෙයක්ම මේ වගේ ලිපිකරු ලෙවල් එකෙන් වැඩේ කරන්න යනවානම් රටේ ආදායම ගැන කවුද සලකන්නේ‘‘

කෙසේ වෙතත්  රටේ අණපනත් සියල්ල උල්ලංගනය කරමින් මුදල් ඇමතිවරයා හා මුදල් අමාත්‍යංශය අත්තනෝමතික ගමනක් යන විවාදයට එක්වෙමින් බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියා.