Sunday, September 22, 2024

General line - 0115112241

උතුරු පළාත් ප‍්‍රධාන අැමතිට එරෙහිවත් පරීක්‍ෂණයක්




උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන්ට එරෙහිවද විනය පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන උතුරු පළාත් සභා මන්තී‍්‍ර වී. ජයතිලක පවසනවා.

එම පළාත් සභාවේ අමාත්‍යවරුන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකළ යුතු බවට පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා එම පළාත් සභාව වෙත ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් ඊයේ පැවති විවාදයේදී ජයතිලක මන්තී‍්‍රවරයා මේ බව කියා සිටියා.

අදාළ විමර්ශනය සදහා විශ‍්‍රාමලත් විනිසුරුවන් දෙදෙනෙකු සහ පරිපාලන සේවා නිලධාරියෙකුගෙන් යුත් කමිටුවක් පත්කළ යුතු බවයි සී වී විග්නේෂ්වරන් යෝජනා කළේ. එම යෝජනාවෙන් අනතුරුව අදහස් දැක්වූ වී. ජයතිලක මන්තී‍්‍රවරයා පැවසුවේ සී වී විග්නේෂ්වරන්ද පළාත් සභා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරන බැවින් ඔහුටද එය අදාළ වන බවයි.

එම ප‍්‍රකාශයට සෙසු මන්තී‍්‍රවරුන් පිරිසකගේද සහාය ලැබී තිබෙනවා. ඒ පිළිබද විවාදය ලබන 16 වනදා පැවැත්වීමට නියමිතයි.