Sunday, September 22, 2024

General line - 0115112241

දරුවන් නිසා මුසම්මිල්ට ඇප




ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල්ගේ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සලකා බලා කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (10) ඔහුට ඇප නියම කළා

රුපියල් 25000ක මුදල් ඇපයක් හා රුපියල් දස ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කළා

ඔහුට විරුද්ධව චෝදනා එල්ලවී තිබුණේ ජනාධිපති කාර්යාලය සතු වාහනයක් අවභාවිත කිරීමෙන් රජයේ පොදු දේපළට රුපියල් හැත්තෑ එක් ලක්ෂයක හානියක් සිදුකළැයි සම්බන්ධයෙනි.

පොදු දේපළ අවභාවිතය ඇප දිය නොහැකි වරදක් වුවත් සැකකරුගේ දරුවන්ගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය ඔහුට ඇප නියම කළා