බංග්ලාදේශයේ ඩකා නුවර අවන්හලකට එල්ල වූ ප්රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ පිරිස වෙනුවෙන් දින දෙකක ශෝක කාලයක් ප්රකාශයට පත් කර තිබෙනවා.
ඉස්ලාමීය අන්තවාදී සන්නද්ධ කණ්ඩායමක් විසින් එළ කළ මෙම ප්රහාරයේදී ප්රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටි 20 දෙනෙකු පමණ මරා දැමුණු අතර ඉන් බහුතරය විදේශිකයින් වනවා.
ඒ අතර ඉතාලි ජාතිකයන්, ජපන් ජාතිකයන්, අමෙරිකානු ජාතිකයන්, ඉන්දියානුවන් හිඳ තිබෙනවා. තස්ත්රවාදීන් විසින් මෙම විදේශිකයන් වෙන් කොට ඔවුන්ට ඉතා දරුණු ලෙස වද හිංසා පමුණුවා ඝාතනය කොට ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.