Sunday, September 22, 2024

General line - 0115112241

සයිටම් ගැන වෛද්‍ය සභාව දකින එකම විසඳුම කියයි




මෙරට විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයක ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකුවීමට විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ අනුමැතිය පමණක් ප‍්‍රමාණවත් නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් සඳහන් කළේ වෛද්‍ය ශිෂ්‍යයෙකුවීමට ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාවේද අනුමැතියද අත්‍යවශ්‍ය බවයි.

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳ නෙත් නිවුස් සමග සංවාදයකට එක්වෙමින් වෛද්‍ය නලින්ද හේරත් මේ බව ප‍්‍රකාශ කළා.

රාජ්‍ය විශ්වවිද්‍යාලවලට අයත් වෛද්‍ය පීඨ 07 ක් ඇති බවත් ඒවා කොළඹ, පේරාදෙණිය, රුහුණ, කැළණිය, ජයවර්ධනපුර, රජරට සහ නැගෙනහිර පිහිටා ඇති බවත් පැවසුවා. මේ සියලු ඒවා නියමිත ප්‍රමිතියෙන් යුක්ත බවත් පෙන්වා දුන්නා. සයිටම් ආයතනයේ වෙනස වන්නේ බොහෝ හිටපු විශේෂඥ වෛද්‍යවරුන් සයිටම් ආයතනය තුළට ගිය පසු මහාචාර්ය පට්ටම් ලැබෙන බව යන්නත් සඳහන් කළා.

කෙසේවෙකක් සයිටම් ගැටලුවට ඇති එකම විසඳුම වන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් අනුමත කෙරෙන ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක අධ්‍යාපනයට මෙම දරුවන් යොමු කර එහිදී ලබා ගන්නා උපාධියෙන් පසුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් පවත්වන විශේෂ විභාගයට මුහුණ දීමට සැළැස්වීම බවත් ඉන්පසු වෛද්‍ය සේවාවට එක්කර ගත හැකි බවත් සඳහන් කළා.

(එම හඬපටය පහතින් අහන්න)