මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ලබන 16 වනදා ජනතා අයිතියට පත් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ඉකුත් 28 වනදා විවෘත කිරීමට මීට පෙර සැලසුම් කර තිබුණා.
එහෙත් එම මාර්ගයේ තවත් වැඩකටයුතු කිහිපයක් සිදු කිරීමට නියමිත බැවින් එය විවෘත කිරීම කල් දැමීමට මහාමාර්ග අමාත්‍යංශය කටයුතු කළා.
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අදියර 4 ක් යටතේ සිදු කෙරෙනවා. මීරිගම සිට කුරුණෑගල කොටස එහි දෙවන අදියරයි. එම මාර්ග කොටසේ සම්පූර්ණ දුර කිලෝමීටර් 40 යි දශම 9 ක් වනවා.