Sunday, September 22, 2024

General line - 0115112241

පිහිනුම් ශූර මයිකල් පෙල්ප්ස් ක්‍රීඩාවෙන් සමු ගැනීමට තීරණය කරයි




ක‍්‍රීඩාවෙන් විශ‍්‍රාම ගැනීමට අමෙරිකානු පිහිනුම් ශූර මයිකල් පෙල්ප්ස් තීරණය කර තිබෙනවා.

ඔහු මෙම තීරණය ප‍්‍රකාශයට පත්කළේ රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ මීටර් 100 සමනල ආර පිහිනුම් ඉසව්වේ අවසන් තරගයේදී සිංගප්පූරුව නියෝජනය කරන යොවුන් ක‍්‍රීඩක ජෝශප් ස්කූලින් හමුවේ පරාජය වීමෙන් පසුව මාධ්‍යවේදීන් කළ විමසීමකදීයි.

තවත් වසර 4ක් රැඳීසිට මීළඟ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සහභාගි වීමට තමන්ගේ බලාපොරොත්තුවක් නැතැයි මයිකල් පෙල්ප්ස් මෙහිදී කියා සිටියා.

කෙසේ වෙතත් මීට පෙර 2012 ඔලිම්පික් තරගාවලියෙන් පසුව ද මයිකල් පෙල්ප්ස් කියා සිටියේ ක‍්‍රීඩාවෙන් විශ‍්‍රාම ගන්නා බවයි.

එම තීරණය වෙනස් කරමින් රියෝ ඔලිම්පික් තරගාවලියට ද සහභාගි වන බව 2014 වසරේදී ඔහු ප‍්‍රකාශ කළා.

මයිකල් පෙල්ප්ස් මේ වන විට දිනාගෙන ඇති මුළු ඔලිම්පික් පදක්කම් ගණන 22ක්. රියෝ ඔලිම්පික් තරගාවලියේදී දිනාගත් රන් පදක්කම් 4ක්ද ඊට ඇතුළත් වනවා.