Sunday, September 22, 2024

General line - 0115112241

උසස් පෙළ නිරීක්ෂණයට ශාලාධිපතිවරුන්ගේ සහයට ‘පෙදරේරුවොත්‘




මෙවර උසස් පෙළ විභාගයේදී වංචාවක් සිදුවෙමින් ඇතැයි අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය අද අනාවරණ කළා.

එහි ප‍්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න පැවසුවේ විභාග ශාලාවලට සහයකයින් අනුයුක්ත කිරීමේදී මෙම වංචාව සිදුවන බවයි.

සුදුසුකම් නොමැති තැනැත්තන් විභාග ශාලාවල සහයකයින් ලෙස යෙදවීමෙන් වෙනත් විභාග වංචා සිදුවීමට ඇති ඉඩකඩ වැඩි වන බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

අනධ්‍යන සේවකයන් ස්ථීර සේවකයන් 25000 පමණ සිටියදී විභාග ශාලාවල සහයක කටයුතු සඳහා අවශ්‍ය වන්නේ 3500 පමණ පිරිසක් බවත් එසේ තිබියදී විභාග ශාලාධිපතිට විශ්වාසවන්ත  පුද්ගලයෙකු ලබාගත හැකි යන්න සඳහන් කිරීම නිසා බොහෝ ශාලාධිපතිවරු තමන්ගේ නිවසේ සේවය කරන පෙදෙරේරුවාගේ නම පවා විභාග ශාලා කටයුතු වලට යොදවා ගන්නා තත්වයක් උදාවී ඇති බව ඔහු පවසනවා.

මේ සම්බන්ධයෙන් වහාම අවධානය යොමුකරන්නැයි අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කළා.