Sunday, September 22, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකාවේ HIV ආසාධිතයින්ගේ ගණන ඉහළට




එච්.අයි.වී. ආසාධිතයින් 153 දෙනෙක් මෙම වසර තුළ ශ‍්‍රී ලංකාවෙන් අලූතෙන් හඳුනාගත් බව ජාතික ලිංගාශ‍්‍රිත රෝග සහ ඒඞ්ස් මර්දන ව්‍යාපාරය පවසනවා.

කාන්තාවන්ට වඩා වැඩි වේගයකින් පිරිමින් එච්.අයි.වී. ආසාධානයට ගොදුරු වෙමින් ඇතැයි ද ආසාධිතයින් ඖෂධ ලබාගැනීම මගින් එච්.අයි.වී. ආසාධනය අවම කරගත හැකි බවද වෛද්‍ය සිසිර ලියනගේ කියා සිටියා.

එච්.අයි.වී. ආසාධිතයින් වැඩි වේගයකින් වැඩි වෙමින් තිබෙන්නේ බොහෝ අසාධිතයින් තවමත් ඖෂධ ලබාගැනීමට ඉදිරිපත් නොවීම බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ලොව පුරා සිටින මුළු එච්.අයි.වී. අසාධිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 390ක් පමණ බව ඇස්තමේන්තු කර තිබෙනවා. එහෙත් ඖෂධ ලබාගන්නා සංඛ්‍යාව ඔවුන්ගෙන් ලක්ෂ 170ක් පමණයි.