Sunday, September 22, 2024

General line - 0115112241

අකුරැස්සේ සිසුන්ට පහර දීම පිටුපස නිළියක් (UPDATE)




උසස් පෙළ රසායන විද්‍යා ප‍්‍රශ්න පත‍්‍රයට මුහුණ දී ආපසු නිවසේ බලා යමින් සිටි සිසුන් තිදෙනෙකුට අකුරැස්ස බස් නැවතුම්පොලේදී අද (13) පස්වරුවේ පිහි ප‍්‍රහාරයක් එල්ල වුණා.

මෙලෙස ප‍්‍රහාරයට ලක්ව ඇත්තේ ගොඩපිටිය ජාතික පාසලේ සිසුන් තිදෙනකු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ප‍්‍රහාරයෙන් කැපුම් තුවාල ලැබූ එම සිසුන් තිදෙනා අකුරැස්ස දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඔවුන්ගෙන් දෙදෙනෙක් වැඩිදුර ප‍්‍රතිකාර සඳහා මාතර මහරෝහලට මාරු කර යැවුණා.

ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ අකුරැස්ස නගරයේ ව්‍යාපාරිකයෙකුගේ පුතුන් දෙදෙනෙකු ඇතුළු පිරිසක් බවයි පැවසෙන්නේ.

මීට පෙර ඇතිවූ ආරවුලක් හේතුවෙන් පහර දීම සිදුව ඇති බව පහර කෑමට ලක්වූ සිසුන් ප‍්‍රකාශ කළ බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

පහර දීම සිදු කළ ප‍්‍රධාන සැකකරුගේ සහෝදරියක්ද සිසුන්ට සිය බඳ පටියෙන් පහර දුන් බවයි සිද්ධිය දුටුවන් ප‍්‍රකාශ කර ඇත්තේ. ඇය චිත‍්‍රපටයකට සම්බන්ධ වූ නිළියක් බවද පැවසෙනවා.

සිසුන් තිදෙනෙකුට අකුරැස්සේදී පිහි ප‍්‍රහාරයක් (PHOTOS)

Aug 13, 2016 @ 15:30

උසස් පෙළ විභාගයට පෙනී සිට ආපසු නිවෙස් කරා යමින් සිටි සිසුන් පිරිසකට අකුරැස්ස බස් නැවතුම්පොලේදී ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

එහිදී පිහි ප‍්‍රහාරයකට ලක්වූ සිසුන් තිදෙනෙකු අකුරැස්ස දිසා රෝහලට ඇතුලත් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මෙලෙස ප‍්‍රහාරයට ලක්ව ඇත්තේ ගොඩපිටිය ජාතික පාසලේ සිසුන් පිරිසක්.

සිසුන්ට පහර දුන් සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

Image00001akuressa Image00002akuressa Image00003akuressa Image00004akuressa Image00005akuressa Image00006akuressa Image00007akuressa