Sunday, September 22, 2024

General line - 0115112241

එ.ජා මහ ලේකම් ලඟදීම දිවයිනට




එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් ඉදිරි සති කිහිපය තුළ ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලයේ ප‍්‍රකාශකයෙකු පැවසුවේ මහලේකම්වරයාගේ සංචාරයේ සිදුවන දින වකවානු පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.

බොහෝ දුරට මේ මස අග හෝ ලබන මාසය තුළ මහලේකම්වරයාගේ සංචාරය සිදුවනු ඇති බවද එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉරිනා බොකෝවා නිළ සංචාරයක් සඳහා අද (13) දිවයිනට පැමිණියා.

ඇය එම තනතුරට පත්වීමෙන් පසු ශ‍්‍රී ලංකාවේ සිදු කෙරෙන පළමු සංචාරය මෙයයි.

මෙම සංචාරයේදී යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂවරිය, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

සීගිරිය ඇතුළු මෙරට ඓතිහාසික වටිනාකම් සහිත ස්ථාන කිහිපයක් සංචාරය තුළදී ඇයගේ නිරීක්ෂණයට ලක්වනු ඇති.