Sunday, April 28, 2024

General line - 0115112241

පකිස්තානයේ ගොවි ජීවිත උඩුයටිකුරු වේ




පාකිස්තානයට ඇති වූ ධාරානිපාත වර්ෂාවෙන් පසුව අධික ගංවතුරකට ගොදුරු වීම නිසා  දකුණු පාකිස්තානයේ කපු වගාවන්ට දැඩි හානි සිදුවී ඇති අතර, වර්ෂාවෙන් අක්කර දහස් ගණනක් කෘෂිකාර්මික ඉඩම් සහ පළතුරු වතු විනාශ වීමත් සමඟ සින්ද් හි ගොවීන්ගේ ජීවිත බරපතල අර්බුදයකට ලක්ව ඇති බව වාර්තාවනවා.
 
පාකිස්තාන ගොවීන් මාධ්‍ය වෙත පවසා ඇත්තේ ඔවුන්ගේ වගාවන් සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ඇති බවයි.

අසාමාන්‍ය ලෙස හටගත් අධික මෝසම් වර්ෂාව හේතුවෙන් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර නිවාස සිය ගණනක් ජලයෙන් යටවී තිබෙනවා.

එපමණක් නොව, කපු, තිරිඟු සහ මිරිස් වගා කටයුතුවල නියැලී සිටි දහස් ගණනාවක් දරුණු ලෙස පීඩාවට පත්ව ඇති බව ද සදහන්.

අසල්වැසි බලුකිස්තාන් පළාත හරහා ගලා ගිය හදිසි ගංවතුර හේතුවෙන් අක්කර දහස් ගණනක් කෘෂිකාර්මික ඉඩම් සහ පළතුරු වතු විනාශ වීමෙන් පසු සින්ද් හි ගම්මාන 50 ක් පමණ ජලයෙන් යට වී ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරනවා.