Friday, April 19, 2024

General line - 0115112241

ජනපති, ජපන් අධිරාජ්‍යයා සහ අගමැති මුණගැසෙයි




ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා අද හමුවුණා. අධිරාජ්‍යයාගේ නිල නිවස වන ටෝකියෝ නුවර ඉම්පීරියල් මන්දිරයේදී මෙම හමුව සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. එහිදී නරිහිතෝ අධිරාජ්‍යයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉතා සුහදශීලීව පිළිගෙන තිබෙනවා. 

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂීඩා අතර හමුවක් ටෝකියෝ නුවර අකසාකා මාලිගාවේදී සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතා උණුසුම් ලෙස පිළිගත් ජපන් අග්‍රාමාත්‍යවරයා, ජනාධිපති ධූරයට පත්වීම නිමිත්තෙන් රනිල් වික්‍රමසිංහ මහතාට සුබපැතුම් එක් කළ බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. ශ්‍රී ලංකාව සහ ජපානය අතර අතීතයේ සිට පැවත එන සබඳතා ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම සහ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව ද එහිදී නායකයින් දෙපළ දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.