Tuesday, April 23, 2024

General line - 0115112241

බ්‍රිතාන‍යේ තීරණයෙන් ආසියානු වෙළඳ පොළ හෙල්ලෙයි




යුරෝපා සංගමයෙන් ඉවත්වීමට බි‍්‍රතාන්‍ය වැසියන්ගේ බහුතර කැමැත්ත පළවීමත් සමග ආසියානු කොටස් වෙළඳපොල මිළ ගණන් වාර්තාගත ලෙස පහත වැටී තිබෙනවා.

ඉන් වැඩිම බලපෑමක් එල්ල වී තිබුණේ ජපන් කොටස් වෙළදපොළටයි. එහි මිළ ගණන් සියයට 7.9 කින් පහත වැටී තිබුණා. ජපාන කොටස් වෙළද පොළේ මෙවැනි පහත වැටීමක් මීට පෙර සිදුව තිබුණේ 2011 වසරේ බලපෑ සුනාමි ව්‍යසනයේදී පමණයි.

මීට අමතරව සිංගප්පූරුව, දකුණු කොරියාව, චීනය, හොංකොං සහ ඉන්දියාවේද කොටස් වෙළඳපොල මිළ ගණන් පහත වැටී තිබුණා.

ඕස්ටේ‍්‍රලියාවේද කොටස් මිළ ගණන් පහත වැටී තිබු බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.